colombotimes.lk
සිංහල | English

17 September 2024


පදික වේදිකාවේ ගමන් කළ කාන්තාවකට දිවි අහිමි වෙයි



යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඊයේ (01) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක්, මාර්ගයේ පදික වේදිකාවේ ගමන් කළ කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(colombotimes.lk)