colombotimes.lk
සිංහල | English

18 October 2024


ගේම් එකෙන් පසු වනිඳු ගේම ඉල්ලයි



ඊයේ රාත්‍රියේ නිමා වූ ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන 3වැනි 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු 3ක තියුණු ජයක් ලබා ගත්තා.ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට එක්ව සිටි 20,000ක ආසන්න ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුලක් ද එක් කරමින්.

මෙම තරගයේ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍ය වුවත් පිටියේ රැදී සිටි කමිදු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 16ක් පමණි.

අවසන් පන්දුවාරයේදී සිව්වැනි පන්දුවේදී කමිදු මෙන්ඩිස් මුහුණ දුන් High full toss පන්දුව ලින්ඩන් හැනිබල් විනිසුරු විසින් නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම නිසා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

එය නිපන්දුවක් ලෙස විනිසුරු සටහන් කරානම්,ශ්‍රී ලංකාවේ ඉරණම මීට වඩා බොහෝසෙයින් වෙනස් වන්නට ඉඩ තිබූ බවයි විචාරකයන්ගේ මතය.

කෙසේ වෙතත් තරගය අවසන් වීමෙන් පසුව ක්‍රීඩකයන් සමඟ සුබ පැතීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක වනිඳු පිටියේ විනිසුරුගෙන් එම නිපන්දුව සංච්ජා නොකිරීම ගැන විමසීමක් කර තිබෙනවා.එම මොහොතේ යම් ආවේගයකින් ඔහු එම විමසීම කරන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබුනේ මෙලෙසින්.
 
 
 
එමෙන්ම ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සපුරාලීමට සමත් වූයේ නම් එය ශ්‍රී ලංකාව 20යි 20 තරගයක හඹාගොස් ජයගත් වැඩිම ලකුණු ගණන ද වෙනවා.
(colombotimes.lk)