colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇමරිකාව චීනයට තවත් තීරු බදු පනවයි



චීනය සමඟ පවතින සම්බන්ධතාවය අර්බුදයට ලක් කරමින්, ඇමරිකා ජනාධිපති Joe Biden චීනයට තීරු බදු රැසක් පනවා තිබෙනවා.

ඒ, චීනයේ විද්‍යුත් මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහායි.

ඒ අනුව විද්‍යුත් මෝටර් රථ සඳහා 100%ක තීරු බදු , අර්ධ සන්නායක සඳහා 50%ක තීරු බදු , සහ චීන විදුලි වාහන බැටරි සඳහා 25%ක තීරු බදු පැනවීමට ජනාධිපති Joe Biden කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)