colombotimes.lk
සිංහල | English

17 September 2024


මරණ දණ්ඩනය හිමි වූ වාස් ඇතුලු පිරිසට තවත් දඬුවම්



මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන සිරකර තබාගත් සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලු විත්තිකරුවන් 05 දෙනෙක්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවම් සහ දඩ නියම කර තිබෙනවා.

ඊට අමතරව වාස් ගුණවර්ධන හට රුපියල් 20,000ක දඩ මුදලක් ද විනිසුරුවරයා විසින් නියම කර තිබෙන බවයි වර්තා වන්නේ.

(colombotimes.lk)