colombotimes.lk
සිංහල | English

17 September 2024


අයුක්තියෙන් වැඩ කළ තවත් පිරිසක් යුක්තියෙන් අල්ලයි



යුක්තිය මෙහෙයුම හරහා ඊයේ (24) දිනය තුළ සිදු කළ මුළු වැටලීම් 586කට අදාලව සැකකරුවන් 578ක් සහ සැකකාරියන් 10ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 13ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

එක් සැකකරුවෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කළ වැටලීම් වලින් හෙරොයින් ග්‍රෑම් 162ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 97ක් හා ගංජා ග්‍රෑම් 227ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත තුළ සිදු කළ මුළු වැටලීම් 367කදී සැකකරුවන් 362ක් සහ සැකකාරියන් 5ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.

එමෙන්ම දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කළ වැටලීම් වලින් ගංජා ග්‍රෑම් 70ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මුළු වැටලීම් 52කදී සැකකරුවන් 50ක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
(colombotimes.lk)