colombotimes.lk
සිංහල | English

17 September 2024


ජීවත් වීමට සුදුසු තවත් ග්‍රහලෝකයක් සොයා ගැනේ



තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගැනීමට සමත් ව තිබෙනවා.

එය නම් කර ඇත්තේ Gliese 12 b ලෙසයි.

Gliese 12 b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජිවත් වීමට සුදුසුම ග්‍රහලෝකය ලෙසයි විද්‍යාඥයින් උපකල්පනය කරන්නේ.

මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳුද යන්න තවමත් අවිනිශ්චිත වනවා.
(colombotimes.lk)