colombotimes.lk
සිංහල | English

17 September 2024


තවත් යානයකට අනතුරක් - 12කට තුවාල



දෝහා සිට ඩබ්ලින් බලා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ එම ගුවන් අවකාශයේ තිබූ කාලගුණික තත්වය ඊට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් මගීන් 6 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
(colombotimes.lk)