colombotimes.lk
සිංහල | English

17 September 2024


කාලිංගට සහ තරුෂිට තවත් ජයක්



ස්පාඤ්ඤයේ ඊයේ (18) පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණය වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ සමත් වී තිබෙනවා.

ඒ අනුව මීටර 400 ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාරගේ තත්පර 45.91ක කාලයක් වාර්තා කරමින් 03 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම මීටර 600 ඉසව්වට සහභාගී වූ තරුෂි කරුණාරත්න 1:24.84ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. 
(colombotimes.lk)