colombotimes.lk
සිංහල | English

03 May 2024

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු පත් කරයි



වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. 

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්. 
 
ඒ අනුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම වලංගු වනු ඇති.
(colombotimes.lk)