colombotimes.lk
සිංහල | English

17 May 2024

දකුණු කොරියානු තානාපති කාර්යාලවලට අනතුරු ඇඟවීමක්



දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ විදේශ තානාපති කාර්යාල 5ක් සඳහා 'ත්‍රස්ත අනතුරු ඇඟවීමේ' මට්ටම ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි සඳහන් වන්නේ උතුරු කොරියාව එම තානාපති කාර්යාල නිලධාරීන්ට හිංසා කිරීමට ඉඩ ඇති බවයි.

කාම්බෝජය, ලාඕසය, වියට්නාමයේ පිහිටි තානාපති කාර්යාල සහ රුසියාවේ හා චීනයේ පිහිටි දකුණු කොරියානු කොන්සල් කාර්යාල සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම අනුව ප්‍රහාරයක් එල්ල වීමට අවස්ථාව වැඩි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

(colombotimes.lk)