colombotimes.lk
සිංහල | English

22 May 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ට රතු එළියක්



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකානු ඩොලර් 9,000ක දඩයක් නියම කර තිබෙනවා.

ඔහු ඉදිරියටත් අධිකරණයට අපහාස කළහොත් ඔහුට සිරදඬුවම් නියම කිරීම පිළිබඳව සළකා බලන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුට එරෙහිව පැවති නඩුවකට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් විවේචනය කිරීම වළක්වාලමින් අධිකරණය ට්‍රම්ප්ට නියෝගයක් නිකුත් කර තිබූ නමුත් අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

(colombotimes.lk)