colombotimes.lk
සිංහල | English

03 May 2024

ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු අද



සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙනවා.

ඒ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීයි.

පසුගිය අඟහරුවාදා (16) අභාවප්‍රාප්ත වූ ඒ මහතා ඒ වන විට 92 වන වියෙහි පසු වුණා.

මොරටුව සර්වෝදය මූලස්ථානයේදී අද (20) පෙරවරුවේ ඒ මහතා වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරුණා.

අද පස්වරු 1.30ට දේහය රැගත් රිය පෙරහැර මොරටුව සර්වෝදය මධ්‍යස්ථානයේ සිට ගාලු පාර ඔස්සේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගමන් කිරීමට නියමිතයි.

ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 4.00ට එම පරිශ්‍රයේදී සිදු කෙරෙනවා.

(colombotimes.lk)