colombotimes.lk
සිංහල | English

17 September 2024


අයහපත් කාලගුණය නිසා බ්‍රසීලයේ 30කට දිවි අහිමි වෙයි



දකුණු බ්‍රසීලයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් හි ජල විදුලි වේල්ලක් කැඩී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම එම ප්‍රාන්තයේ තවත් 60 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

ප්‍රාන්තයේ 500,000ක් පමණ ජනතාව විදුලිය සහ පිරිසිදු ජලය නොමැතිව පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)