colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉම්රාන් ඛාන්ට ඇප



සිර දඬුවම් ලබා සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඇප නියම වී තිබෙනවා.

ඒ, ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළවයි.

ඔහු අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)