colombotimes.lk
සිංහල | English

17 September 2024


ලොකු ළූණු ආනයනයෙන් ගොවීන්ට දැඩි අපහසුතා



මේ මොහොතේ ලොකු ළූණු ආනයනය කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ලොකු ළූණු ගොවීන් කියා සිටියා.

ඒ, මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පැවතීම හේතුවෙන්.

ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රු. 120ත් 150ත් අතර මිලක පවතිනවා.

ලොකු ළූණු ගොවීන් කියා සිටියේ ඒ හේතුවෙන් දේශීය ලොකු ළූණු මිල අඩු වීමේ අවදානමක් ඇති බවයි.

ආනයනය සිදු කරන ලොකු ළූණු සඳහා විශේෂ බද්ධක් පනවන ලෙස ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)