colombotimes.lk
සිංහල | English

17 September 2024


රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය



රාජ්‍ය‍ සේවක වැටුප් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
 
රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් සහ ඊට අනුරූපව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා 24% සිට 50%ට වැඩි අගයක් දක්වා මූලික වැටුප් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

2025 ජනවාරි 01 වනදා සිට අදාළ වැටුප් වර්ධක ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
 
ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ 03 වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින් 02 වන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා 01 වන ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වන බවයි වාර්තා වන්නේ.

එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)