colombotimes.lk
සිංහල | English

17 September 2024


පාසල් පෙළපොත් මුද්‍රණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය



2025 වසරේ සිට තෝරාගත් ශ්‍රේණි සඳහා පාසල් පෙළපොත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව පෙළපොත් කාණ්ඩ 317න් කාණ්ඩ 71ක් මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

නව වසරේ බෙදා හැරීමට නියමිත ඉතිරි පාසල් පෙළ පොත් කාණ්ඩ 246 මුද්‍රණය කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.

එමෙන්ම 1, 6 සහ 10 ශ්‍රේණි සඳහා පෙළපොත් ආයතන 24කින් මුද්‍රණය කර ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)