colombotimes.lk
සිංහල | English

18 October 2024


වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කරයි



වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු.1700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැටුප් මණ්ඩලය හරහා ගෙවීම් සිදු කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.  

(colombotimes.lk)