colombotimes.lk
සිංහල | English

17 September 2024


දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (31) උදෑසන රිය අනතුරක් සිදු වී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ 118 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාතර දෙසට වන මාර්ගයේ නවතා තිබු මෝටර් රථයක පිටුපස, ලොරි රථයක් ගැටීමෙන් මෝටර් රථය විසි වී ගොස් ආරක්‍ෂිත වැටේ ගැටීමත් සමඟයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙහිදී මෝටර් රථ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.  

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

 
(colombotimes.lk)