colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කාලය අවසන් - වනිඳුගේ තැන කුසල්ට හිමිවෙයිද?



ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් 2024 T20 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ තනතුරේ තවදුරටත් නොසිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූ පසු ඔහුගේ කොන්ත්‍රාත්තුව අලුත් නොවන බවයි සඳහන් වන්නේ.  

මේ අතර ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වනවා.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සහභාගී වන පළමු T20 තරගය සඳහා වත්මන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් වීමට ඉඩ තිබෙනවා.

(colombotimes.lk)