colombotimes.lk
සිංහල | English

17 September 2024


Digital මාධ්‍ය තුළ හොඳම දේශපාලන වැඩසටහන ලෙස Colombo Times Round Tabe, Iconic සම්මානයෙන් පිදුම් ලබයි.



Digital මාධ්‍ය තුළ හොඳම දේශපාලන වැඩසටහන ලෙස Colombo Times Round Tabe, Iconic සම්මානයෙන් පිදුම් ලබයි

සන්නාමගත ආයතන හා පුද්ගලයින් අගයමින් සංවිධානය කළ ICONIC AWARDS - 2024 සම්මාන උළෙලේ මේ වනවිට BMICH පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

ඒ දේශපාලනඥයින්, කලාකරුවන්, මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ ව්‍යවසායකත්වයන් අගයමින්.

මෙම සම්මාන උළෙලේදී ඩිජිටල් මාධ්‍ය තුළ වසරේ හොඳම දේශපාලන සංවාදාත්මක වැඩසටහන ලෙස Colombo Times ඉදිරිපත් කරන The Round Table වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.

දේශපාලකයන් වටමේස සාකච්ඡාවකට කැඳවා වටේ නොයා ජනතාවගේ ප්‍රශ්ණ සඳහා ඍජුවම ඔවුන්ගෙන් පිළිතුරු ලබා ගැනීම Round Table වැඩසටහනේදී සිදුකෙරෙනවා.

කෙටි කලක් තුළදී ඩිජිටල් මාධ්‍ය තුළ හොඳම දේශපාලන වැඩසටහන ලෙස Iconic සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම පිළිබඳව Colombo Times අප ආඩම්බර වන අතර එහි සම්පුර්ණ ගෞරවය Colombo Times පරිශීලක ඔබ වෙත පිරිනමන්නෙමු.

(colombotimes.lk)