colombotimes.lk
සිංහල | English

02 June 2024

නියමිත කාලය තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීම නීතියක් වෙයි?



නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළා.

ආර්ථික ස්ථායීතාවයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙල තුළ විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියා.

ඒ සඳහා කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)