ෂාරුක්ගේ Jawan පරදා කරීනාගේ Janee Jaan ඉදිරියට



ෂාරුක් ඛාන් රඟපෑ Jawan පරදවා කරීනා කපූර්ගේ Jaane Jaan H2 2023 හි වැඩිම පිරිසක් නරඹන ලද Netflix හි ඉන්දියා චිත්‍රපටය බවට පත් වී තිබෙනවා.

Netflix බ්‍රහස්පතින්දා What We Watched එළිදැක්වීමේදී 2023 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වැඩිපුරම නරඹන ලද චිත්‍රපට අතරට කරීනා කපූර් රඟපෑ Jaane Jaan පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එය ලොව පුරා නැරඹුම් වාර මිලියන 20.2ක් ලබා ගත් අතර වඩාත්ම නරඹන ලද ගෝලීය මාතෘකා අතර 83 වන ස්ථානයට පත් වී තිබෙනවා.
(colombotimes.lk)