colombotimes.lk
සිංහල | English

17 September 2024


අධික උණුසුම 10කට වැඩි පිරිසකගේ දිවි තොර කරයි



උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ පසුගිය පැය 24 තුළ අධික උණුසුම හේතුවෙන් ඇති වූ රෝගාබාධ නිසා පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ඊයේ (30) ඔඩීෂා ප්‍රාන්තයේ රුර්කෙලා ප්‍රදේශයේ රජයේ රෝහලක මරණ දහයක් වාර්තා වූ බව බලධාරීන් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම තවත් මරණ කිහිපයක් බිහාර්, රාජස්ථාන් සහ ජාර්කන්ඩ් ප්‍රාන්තවලින් මෙන්ම අගනුවර වන දිල්ලිවලින් ද වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)