colombotimes.lk
සිංහල | English

17 September 2024


රෙමාල් සුළි කුණාටුව පුද්ගලයින් 16කට දිවි අහිමි කරයි



රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් බංගලාදේශයේ සහ ඉන්දියාවේ පුද්ගලයින් 16ක් පමණ මියගොස් තිබෙනවා.

අධික වැසි සමඟ ඇති වූ ගංවතුර තත්වයෙන් ද බංගලාදේශයට බලපෑම් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව බංගලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි.
 
මේ අතර සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබෙනවා.
(colombotimes.lk)