colombotimes.lk
සිංහල | English

18 October 2024


පොලිස්පති දේශබන්දු ගැන අධිකරණ තීන්දුව අද



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (24) යළි සළකා බැලීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙත්සම් විභාගයට අවසර ලබා දෙන්නේද? නැද්ද? සහ පෙත්සම්කරුවන් එමඟින් ඉල්ලා තිබෙන අතුරු නියෝග ලබාදීම සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම්වල කරුණු සළකා බැලීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)