colombotimes.lk
සිංහල | English

18 October 2024


ඩිස්නි චිත්‍රපට සමාගමේ සභාපති තනතුරෙන් ඉවත් වෙයි



ඇමරිකාවේ ඩිස්නි චිත්‍රපට (Disney movies) සමාගමේ දිගුකාලීන සභාපති ෂෝන් බේලි වසර 15ක සාර්ථක සේවා කාලයෙන් පසුව එම තනතුරෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජන්ගල් බුක්, ඇලඩින්, ලයන් කිං, ඇලිස් ඉන් ද වොන්ඩලෑන්ඩ් වැනි සුප්‍රසිද්ධ සිනමා නිර්මාණ ඔහුගේ ධූර කාලයේ දී බිහි වූ අතර ඔහුගේ නිෂ්පාදනවලින් ඩොලර් බිලියන 7ක අදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට සභාපතිවරයා ලෙස Disney's Searchlight picturesහි ප්‍රධානියා වන ඩේවිඩ් ග්‍රීන්බෝම් පත් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඩේවිඩ් ග්‍රීන්බෝම්ගේ හෝන්ටඩ් මැන්ෂන් සහ ජන්ගල් කෘස් ඇතුළු මෑතකාලීන චිත්‍රපට අසාර්ථක වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)