22 June 2025


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්



විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත් කර තිබෙනවා.

ඔහු එම තනතුරට පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

එමෙන්ම සභාපතිවරයා මෙන්ම උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත ඇතුළු සාමාජිකයන්ද පසුගියදා සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

(colombotimes.lk)