colombotimes.lk
සිංහල | English

17 September 2024


මාස 3ක් මේ විදිහට කළොත් බර වැඩි වෙන්නේ බලාගෙන ඉද්දි.



වැඩි බර අඩු කරගන්න Try කරන ගොඩක් අය අපි දැකලා තියෙනවා. සමහරවිට ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා වගේ අඩු බර වැඩි කරගන්නත් ගොඩක් අය Try කරනවා. හැබැයි සමහර අය ඒ වෙනුවෙන් මොන දේ කළත් කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඉතින් අද අපි බලමු ඔයාගේ බර වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් කියලා.

1. ප්‍රෝටීන් වැඩිපුර ගන්න


2020 වසරේ පුද්ගලයින් 23 දෙනෙකු යොදා ගෙන කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ප්‍රෝටීන් වැඩිපුර ගැනීමෙන් අපේ ශරීරයේ මාංශ පේශි ඉක්මණින් වර්ධනය වෙනවා කියලා.

ඉතින් ඔබට පුළුවන් ඉහළ ප්‍රෝටීන් මට්ටමක් තියෙන මස් වර්ග, මාළු වර්ග, බිත්තර, කිරි ආහාර, රනිල කුලයට අයත් බෝග සහ ධාන්‍ය වර්ග කෑමට එකතු කරගන්න.
 
මේ දේවල් ගන්න බැරි නම් Whey protein වගේ ප්‍රෝටීන් අතිරේක ගැනීමේ හැකියාව තියෙනවා.

2. කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්න


බර වැඩි කරගන්න කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්න ඕනේ. විශේෂයෙන් ඕට්ස්, දොඩම්, කෙසෙල්, බ්ලුබෙරි වගේ පළතුරු,සහ බතල වගේ දේවල් කෑමට එකතු කරගන්න. විශේෂඥයන් නිර්දේශ කරන්නේ තමන්ගේ දෛනික කැලරි වලින් 45% - 65% දක්වා කාබෝහයිඩ්‍රේට් වලින් ලබා ගත යුතු බවයි.


3. ශක්තිය වැඩි කෑම ගන්න


ඔයාගේ ආහාර වේලට ශක්තිජනක කෑම වර්ග එකතු කර ගන්න එක ගොඩක් වැදගත්. විශේෂයෙන් ආමන්ඩ්, වොල්නට්ස්, රටකජු වැනි ඇට වර්ග, වියළි පළතුරු, මුද්දරප්පලම්, රටඉඳි, කිරි, මේද යෝගට්, චීස්, ඕට්ස්, දුඹුරු සහල් වැනි ධාන්‍ය වර්ග, කුකුළු මස්, හරක් මස්, ඌරු මස්, බැටළු මස්, අල, බතල, අර්තාපල්, ඩාර්ක් චොකලට්, අලිගැටපේර, පීනට් බටර්, ඔලිව් තෙල් සහ අලිගැටපේර තෙල් කියන්නේ ශක්තිය වැඩි කරන කෑම වර්ග.

4. යෝගට් සහ පීනට් බටර් ස්මූතී
 


අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩියක්
  • කිරි කෝප්ප මිලි ලීටර් 180ක්
  • කොකෝවා කුඩු තේ හැඳි 3ක්
  • යෝගට් කෝප්ප 3/4ක්
  • මී පැණි තේ හැඳි 1ක්
  • පීනට් බටර් තේ හැඳි 1ක්

ඉහත සඳහන් සියළුම දේවල් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න. හැබැයි කොකෝවා කුඩු නම් එකපාරම දාන්න එපා. එහෙම වුණොත් ඝන වෙන්න බලනවා. ඒ නිසා කොකෝවා කුඩු ටික ටික එකතු කරන්න. මේ ස්මූතී එක දවසක් හැර දවසක් බොන්න පුළුවන් නම් ඉක්මණින් බර වැඩි කරගන්න පුළුවන්.

පෝෂණ ගුණ

  • කැලරි : 587
  • ප්‍රෝටීන් : ග්‍රෑම් 30
  • මේදය : ග්‍රෑම් 23  
  • කාබෝහයිඩ්‍රේට් : ග්‍රෑම් 65


5. ග්‍රීන් ස්මූති
 


අවශ්‍ය ද්‍රව්‍ය  

  • ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්
  • අන්නාසි ග්‍රෑම් 165ක්
  • නිවිති ග්‍රෑම් 30ක්
  • යෝගට් ග්‍රෑම් 245ක්
  • පළතුරු යුෂ මිලි ලීටර් 180ක්
සියලුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරලා ඔයාට පුළුවන් බීමට ගන්න. මේ ස්මූතී එක හැමදාම බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

පෝෂණ ගුණ

  • කැලරි : 495
  • ප්‍රෝටීන් : ග්‍රෑම් 28  
  • මේදය: ග්‍රෑම් 11  
  • කාබෝහයිඩ්‍රේට් : ග්‍රෑම් 71

6. ව්‍යායාම කරන්න
 


ගොඩක් අය හිතන්නේ ව්‍යායාම කරන්නේ බර අඩු කරගන්න කියලා. නැහැ.වායාම කරන්නේ බර අඩු කරගන්න විතරක් නෙමෙයි. මාංශ පේශි ශක්තිමත් කරගන්න, උස වැඩි කරගන්න, බර පාලනය කරගන්න වගේම බර වැඩි කරගන්නත් ව්‍යායාම කරනවා. හැබැයි එකම්වර්ගයේ ව්‍යායාම නෙමෙයි කරන්නේ. ඒ ඒ අවශ්‍යතාවය අනුව කරන ව්‍යායාම වර්ග වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් Gym එකකට ගිහින් බර වැඩි කරන ව්‍යායාම Coach කෙනෙක්ගේ උපකාරය ඇතිව සිදු කරන්න. Gym යන්න වෙලාවක් නැත්නම් YouTube එකේ තියෙනවා බර වැඩි කරන ව්‍යායාම. ඒ දේවල් කරන්නත් පුළුවන්.

ඉතින් කොච්චර දේවල් කළත් බර වැඩි වෙන්නේ නැත්නම් ඔයා මේ දේවල් Try කරලා බලන්න. මාස 2 - 3ක් එක දිගට මේ දේවල් කරගෙන යද්දී ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ බර කොච්චර වැඩි වෙලාද කියලා.