colombotimes.lk
සිංහල | English

17 September 2024


වෛද්‍යවරුන් අද විරෝධතාවයක



බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද (03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද දහවල් 12.‍00 සිට 1.00 දක්වා කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)