colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයේ සහය



සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් යොදවන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සිදු කළ ආරාධනයකට අනුවයි.

ඒ අනුව ඒ සඳහා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර්ගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක පසුගියදා දැනුම් දුන්නා.

(colombotimes.lk)