colombotimes.lk
සිංහල | English

18 October 2024


අයිෆල් කුලුන යළි විවෘත වෙයි



සේවක වැඩ වර්ජනය හේතුවෙන් වසා දමා තිබූ ප්‍රංශයේ අයිෆල් කුලුන දින හයකට පසුව යළි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

අයිෆල් කුලුන සේවක සංගමය පවසන්නේ මෙහි නඩත්තු කටයුතු නිසි ලෙස පවත්වා නොගැනීම හේතුවෙන් ඔවුන් වැඩ වර්ජනයක නිරත වූ බවයි.

කෙසේ වෙතත් 2031 වන විට යූරෝ මිලියන 380ක වියදමක් දරා මෙය නවීකරණය කිරීමට නියමිත බවයි ප්‍රංශ රජය පවසන්නේ.

(colombotimes.lk)