colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ කොමිසම හෙට විශේෂ සාකච්ඡාවකට රැස්වෙයි



පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (28) මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ එහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)