colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන, ඒ සඳහා සුදුසුකම් ලත් රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (27) නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව 2024.08.26 දින නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව 2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතයි.

අදාළ දිනයන් කිසිසේත්ම වෙනස් නොකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්,





(colombotimes.lk)