colombotimes.lk
සිංහල | English

17 September 2024


වැස්සත් සමඟ යළි හිස ඔසවන වසංගත රෝග



පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ගංවතුර තත්ත්වයන් දක්නට ලැබුණා.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගංවතුර තත්ත්වයන් සමඟ පාචනය, අතීසාරය, උණ සන්නිපාතය සහ මී උණ වැනි රෝගයන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බවයි.

ගංවතුර තත්ත්වයන් පැවතී ප්‍රදේශ වල ජනතාවට නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

(colombotimes.lk)