colombotimes.lk
සිංහල | English

17 September 2024


බිත්තර ආනයනය ගැන අවසන් තීරණය



බිත්තර ආනයනය කිරීම ඉදිරි දින 10 ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කර අවසන් බවයි.

දේශීය වෙළඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)