colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනාධිපතිවරණයත් සමඟ ගිනිකෙළි නිෂ්පාදන ඉහළට



ඉදිරි ජනාධිපතිවරණයට සමගාමීව රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මැතිවරණ ප්‍රචාරක රැලි සහ උත්සව හේතුවෙන් මෙම ඉල්ලුම තවදුරටත් ඉහළ යා හැකි බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, ව්‍යාපාරිකයින්ට සහ ජනතාවට අවශ්‍ය ගිනිකෙළි නිෂ්පාදන සැපයීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)