colombotimes.lk
සිංහල | English

17 September 2024


පුත්තලම පරණ මාන්නාරම් මාර්ගයේ කසළ ගොඩ ගැසෙයි



පුත්තලම පරණ මාන්නාරම් මාර්ගයේ හතර කණුව ප්‍රදේශයේ දිය නාන ස්ථානයකට යාබදව මහා පරිමානයේ කසළ බැහැර කිරීම හේතුවෙන් උග්‍ර පාරසරික ගැටලු රැසක් උද්ගත වී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයත් සමඟම මෙලෙස මහා පරිමාණයෙන් කසළ බැහැර කිරීම හේතුවෙන් ඒවා වැසි ජලය සමඟ මිශ්‍ර වී දිය නෑමේ ස්ථානයට ගසා එන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් පීඩාවකට ලක් වී තිබෙනවා.

(colombotimes.lk)