colombotimes.lk
සිංහල | English

18 October 2024


ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිට පසුගියදා පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් කොළඹ 10 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)