colombotimes.lk
සිංහල | English

18 October 2024


පෞද්ගලික ආරක්ෂාවට දුන් ගිනි අවි නැවත ලබාගැනීමට එරෙහිව පෙත්සමක්



ආරක්ෂක අමාත්‍යාංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයන්ට බලපත්‍ර මත නිකුත් කළ ගිනි අවි නැවත භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා  නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එච්. ඩී. නවින්තක ද සිල්වා යන පුද්ගලයා විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කරු එම පෙත්සම තුළින් කියා සිටියේ 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතල තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් බලපත්‍රය යටතේ ගිනි අවි ලබා ගෙන තිබූ බවයි.

(colombotimes.lk)