colombotimes.lk
සිංහල | English

17 September 2024


හම්බෙගමුවේ ගංජා හේන් 2ක් වටලයි



හම්බෙගමුව ප්‍රදේශයේදී ගංජා හේන් 2ක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හම්බෙගමුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුර මඟින් සිදු කළ වැටලීමකදීයි.  

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුර මඟින් කරපිංචාලන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී අක්කර එකහමාරක භූමියක වගා කර තිබූ අඩි 6ක් පමණ උස ගංජා ගස් 31,252ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම හම්බෙගමුව පොලීසිය කුකුළුකටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පර්චස් 3ක වගා කර තිබූ අඩි 2ක් පමණ උස ගංජා ගස් 1,420ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී 23 හැවිරිදි සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)