colombotimes.lk
සිංහල | English

17 September 2024


හරීන්ට සහ මනූෂට ජනපතිගෙන් අලුත් තනතුරු



හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙනවා.

ක්‍රීඩා, ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබඳ උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දුව පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙස මනූෂ නානායකකාරව පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)