colombotimes.lk
සිංහල | English

17 September 2024


හැටන් පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක්



හැටන් නගරයේ ජනප්‍රිය පාසලක සිසුන්ගේ විභාග ප්‍රතිඵල පසුගිය වසර කිහිපය තුළ දුර්වල මට්ටමක පැවතීම ගැන සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

ඒ හැටන් පළාතේ විදුහල්පතිවරුන් හා හැටන් කලාපයේ කලාප අධ්‍යක්ෂ ආර්. විජේන්ද්‍රන් අතරයි.

හැටන් නගරයේ පාසල් සිසුන් ඉලක්ක කරගෙන තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවත් එය පාසල් තුළ විවිධ ගැටළු ඇතිවීමටද හේතුවක් වී තිබෙන බවත් එහිදී විදුහල්පතිවරුන් කියා සිටියා.

එමෙන්ම විදුහල්පතිවරුන් වැඩිදුරටත් කියා සිටියේ එය සිසුන්ගේ අධ්‍යාපන නැඹුරුතාවය අවම වීමට හේතුවක් බවයි

(colombotimes.lk)