colombotimes.lk
සිංහල | English

17 September 2024


වෙන්දේසියකදී අලෙවි වූ ලොව මිල අධිකම පිහාටුව මෙන්න



දැනට වඳ වී ගොස් ඇති නවසීලන්ත හුයියා පක්ෂියාගේ තනි පිහාටුවක් වෙන්දේසියකදී ඩොලර් 46,521.50කට අලෙවි වීමෙන් පසු ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

මුලදී ඩොලර් 3,000ක් දක්වා ලබා ගැනීමට අපේක්ෂා කරන ලද මෙම පිහාටුව, එම විශේෂයේ පිහාටුවක් සඳහා වූ පෙර වාර්තාව 450% කින් බිඳ දැමූ බවයි වාර්තා වන්නේ.

හුයියා කුරුල්ලා මාඕරි ජනයාට පූජනීය වන අතර ඔවුන්ගේ පිහාටු බොහෝ විට ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල් විසින් හිස් ආවරණ ලෙස පැළඳ තිබෙනවා.

එමෙන්ම තෑගි, වෙළඳාම් සඳහා ද මෙය භාවිතා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)