colombotimes.lk
සිංහල | English

17 September 2024


කල්පිටියේ සඟවා තිබූ රන් තොගයක් නාවික හමුදා භාරයට



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී රත්රන් කිලෝ 4යි ග්‍රෑම් 740ක ඇසුරුමක් සොයාගෙන තිබෙනවා.

ඒ කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබියදී බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා භාරයට ගත් එම රත්රන් තොගය සහ සැක සහිත ඩිංගි යාත්‍රාවද ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)