colombotimes.lk
සිංහල | English

17 September 2024


හොංකොං නව නීතිය යටතේ හය දෙනෙකු අත්අඩංගුවට



නව ආරක්ෂක නීතියක් යටතේ හොංකොං සිය පළමු අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බීජිංවලට එරෙහිව 'වෛරය අවුස්සන' සමාජ මාධ්‍ය පෝස්ට් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව කාන්තාවන් පස් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව නිවේදනය කර තිබෙනවා.

මෙම පිරිස වරදකරුවන් වුවහොත් 23 වැනි වගන්තිය ලෙස හඳුන්වන නව නීතිය මඟින් දැඩි දඬුවම් යටතේ වසර හතක් දක්වා සිරදඬුවම් නියම වන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)