colombotimes.lk
සිංහල | English

18 October 2024


IPL 2024 | පළමු තරග 21 සඳහා කාලසටහන නිකුත් කරයි



ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වන TATA Indian Premier League (IPL) 2024 තරගාවලියේ පළමු තරග 21 සඳහා කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2024 මාර්තු 22 සිට 2024 අප්‍රේල් 7 දක්වා සති දෙකක කාලයක් නගර 10ක් පුරා තරග 21ක් පැවැත්වීමට නියමිතයි.

මෙහිදී සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් තරග තුනක් සහ උපරිම තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමග වත්මන් ශූරයන් සහ පස් වතාවක් ජයග්‍රාහකයන් වන චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

 
එම කාලසටහන පහතින්,
(colombotimes.lk)
May be an image of text