colombotimes.lk
සිංහල | English

03 May 2024

ඉමියුනොග්ලොබියුලින් නඩුවට මම ප්‍රකාශ දෙන්නේ නැහැ - කෙහෙළිය



ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

තමන් එම නඩුවේ පළමු පැමිණිලිකරු බැවින් එසේ ප්‍රකාශ ලබාදීමට අවශ්‍ය නොවන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)