colombotimes.lk
සිංහල | English

17 September 2024


කච්චතිව් මුහුදේ ඉන්දීය බෝට්ටුවක් පෙරළෙයි



කච්චතිව් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)