colombotimes.lk
සිංහල | English

18 October 2024


පොලිස්පතිගේ ඉල්ලීම පොලිස් කොමිසම ඉවත දමයි



පොලිස් නිලධාරීන් 210 දෙනෙක් එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බව ජාතික පොලිස් කොම්ෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)